# SXZ (@sanuka_xz) ## Overview - **Name**: SXZ - **Username / Handle**: @sanuka_xz - **Category / Role**: Creator - **Verified**: No - **Official Ceynk URL**: https://ceynk.link/sanuka_xz - **Profile Picture**: https://cdn.ceynk.link/1rlc51imqs4iyfj.jpg ## Links & Resources ### Welcome Hello and a warm welcome! 🌟 We're so excited to have you join our community. This is a space where your unique voice matters, so feel free to jump right into the conversation. "Welcome to the team! 🎉 We are absolutely thrilled to have you on board and can’t wait to see the impact you'll make. Let's do great things together!" ### iOS 27 ඔයාගේ iPhone එකටත් දාගමු දින දෙකකට පෙර තිබුණු WWDC 26 හිදී apple ආයතනය, ඔවුන්ගේ 2026-2027 වසර සඳහා නිකුත්වන අලුත්ම OS පෙළ හඳුන්වාදෙන ලදී. iPhones සැලකීමේදී, iOS 27 සංස්කරණය ප්‍රකාශයට පත් කරන ලදී. මෙය සුපුරුදු පරිදි, ප්‍රධාන ආකාර 3ක් යටතේ ලබාගත හැක. Developer Beta Public Beta Final Version මෙතැනදී , developer beta එක නිකුත් වෙන්නේ developers ලා වෙනුවෙන් . අලුත් iOS එක test කරන්න , apps සකස් කරන්න වගේ දේවල් වලට . හැබැයි මේ beta එක තුල සැලකිය යුතු ප්‍රශ්න තිබිය හැකි බව මතක තබාගන්න . ඉක්මනින් battery බැසීම stuck වීම සමහර apps crash වීම සමහර hardware ප්‍රශ්න (green line ගැටළු ) සමහර features අක්‍රිය වීම (Eg-Face ID වැඩ නොකිරීම ) මේ හේතුවෙන් developer beta සංස්කරණය මුලින්ම නිකුත් වන සංස්කරණය වුවත් එය ඔයා පාවිච්චි කරන iPhone එකට දාගන්න එක ටිකක් අනුමත කරන්න අමාරුයි . මිට අමතරව public beta එක සාමාන්යෙන් මේ ගැටළු බොහෝ දුරට විසඳන ලද සංස්කරණයක් . මෙහි ගැටළු තියෙන්න පුළුවන් . එහෙත් සාපේක්ෂව ගොඩක් අඩුයි . WWDC අවසන් වූ විගස developer beta එක නිකුත් වේ . එතනින් මාස කිහිපයකින් public beta එක පැමිණෙනවා. අලුත් iPhone එකක් නිකුත් වෙන සැප්තැම්බර් පමණ, official version එක නිකුත් වෙනවා . දැන් අපි බලමු කොහොමද මේ beta versions install කරන්නේ කියලා. ප්‍රධාන ක්‍රම දෙකක් තියනවා . (1) Beta profile එකක් නැතුව මේ ලින්ක් එකෙන් Developer.apple.com/account ගිහින් apple account එකත් එක්ක sign වෙන්න. පසුව Settings > General > Software Update > Beta Updates ගිහින් beta updates enable කරන්න . පසුව update එක පෙන්වාවි . update එක install කරන්න . (2) Beta Profile එකක් හරහා මෙම වෙබ් පිටුව හරහා beta profile එකක් download කරගන්න . https://betaprofiles.dev/ පසුව එය install කරන්න . පසුව beta updates enable කරන්න . දැන් ඔබට iOS 27 update එක පෙන්වාවි . මෙය 10GB ඉක්මවූ update එකක් වන බැවින් ඔබගේ iPhone හි 20GB ආසන්න storage එකක් තිබීම අවශ්‍ය වේ. එසේම 50% ආසන්න හෝ වැඩි battery ආරෝපනයක් ලැබූ පසු මෙය install කරගත හැක. සැලකිය යුතුයි - SL Geek අප විසින් මේක iOS 27 සංස්කරණය iPhone 13,15,15 Pro, 16 Pro, 17 සහ 17 Pro හි පරික්ෂා කර ඇත (2026/06/11). මේ වන විට නිකුත්ව තිබෙන developer beta 1 හි ගැටළු විශාල ප්‍රමාණයක් අපි නිරීක්ෂණය කරමු. OS එක තුල පමණක් නොව, instagram වැනි 3rd party apps වලත් ගැටළු නිරීක්ෂණය වේ. එලෙසම 16 Pro, 17, 17 pro හැර ඉන් පෙර මාදිලි වල battery life හි දැඩි වශයෙන් අඩු වීමක් නිරීක්ෂණය කළෙමු. ඒ නිසා ඔබ භාවිතා කරන එකම iPhone එකට install කිරීමට පෙර දෙවරක් සිතන ලෙසත්, තව මාසයකින් පමණ නිකුත් වෙන public beta එක තෙක් හෝ රැඳී සිටින මෙන් මතක් කරමු. ## Interactive & AI Capabilities - **AI Chatbot**: Disabled on this page. - **Page Link**: [Visit SXZ on Ceynk](https://ceynk.link/sanuka_xz) --- *Generated by Ceynk (https://ceynk.link) for LLMs & AI Agents. To view this profile interactively, visit https://ceynk.link/sanuka_xz*